චීන තානාපති සහ විමල් වීරවංශ අතර විශේෂ හමුවක් චීන තානාපති කාර්යාලයේදී!
ශ්‍රී ලංකාවේ අභිනව චීන තානාපති වෙයි හුආෂියැංගේ විශේෂ ආරාධනයකට අනුව, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ චීන තානාපතිවරයා අතර විශේෂ හමුවක් ඊයේ (09) ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ බවයි ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.
මෙම අවස්ථාව සඳහා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහද එක්ව තිබෙනවා.
