තිරිඟු පිටි මිල ඉහළ යෑම හමුවේ පරාටා, බිත්තර රොටි සහ කෙටි කෑම මිල රුපියල් 5කින් ඉහළට
තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග පරාටා ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑමවල මිල ඉහළට
පරාටා, බිත්තර රොටි ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑමවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඉඳිආප්පයක මිල රුපියලකින්, ආප්පයක් රුපියල් 2කින් මිල වැඩි කිරීමටත් එම සංගමය තීරණය කර ඇත.
අද දින (29) සිට ක්රියාත්මක වනපරිදි තිරිඟු පිටි කිලෝග්රෑම් 1ක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගැනීමත් සමග සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය මෙම තීරණවලට එළඹ තිබේ.




