​නාවික හමුදා මැරීන් බළකායේ 10 වන බඳවා ගැනීමේ පාඨමාලාව අවසන්

0
මැරීන් බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයන් 36 දෙනෙකු විසිර යයි

මැරීන් බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නාවික හමුදා පුද්ගලයන් 36 දෙනෙකු විසිර යයි

නාවික හමුදා මැරීන් බළකායේ දසවන බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් තිස් තුන්දෙනෙකු වෙත ලාංඡන පැළඳවීම අද (29) සිදු කෙරුණි.

ඒ, ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රවිඳු හරිස්චන්ද්‍රගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම උත්සවය ත්‍රිකුණාමලය, සාම්පුර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරුණු බවයි නාවික හමුදාව සඳහන් කළේය.

ඒ අනුව, මාස අටක් පුරා පැවැත්වූ අති දුෂ්කර වූ මැරීන් පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වූ නාවික හමුදා පුද්ගලයින් තිස් හයදෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමකින් ආරම්භ කළ දසවන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව, සාර්ථකව අවසන් කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් තිස් තුන්දෙනෙකු වෙත මෙලෙස මැරීන් බළඇණි ලාංඡන පැළඳවීම, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, විසින් සිදු කෙරුණි.

දසවන මැරීන් බළඇණි පාඨමාලාවේ විශිෂ්ඨතම මැරීන් සාමාජිකයා ලෙස සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා හා දක්‍ෂතම ඉලක්කකරු වශයෙන් ලුතිනන් (සැ) විපීඒ සසංක විසින් කුසලාන හිමිකර ගත් අතර, දක්‍ෂතම ශාරීරික යෝග්‍යතාවය හිමි සාමාජිකයාට හිමි කුසලානය ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ජීඩිපී බණ්ඩාර හිමිකර ගත්තා.

කුසලාන ප්‍රධානයෙන් අනතුරුව, සාර්ථකව ‍පුහුණුව අවසන් කළ නාවික හමුදා පුද්ගලයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, විසිර යන ලද නාවික හමුදා පුද්ගලයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංසන පිරිනැමින.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *