​මහජන සාමය පවත්වා ගැනීමට දිවයින පුරා ත්‍රිවිධ හමුදාව කැඳවයි: ජනාධිපති අනුර කුමාරගෙන් විශේෂ නිවේදනයක්

0
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියම කර තිබේ.

මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නියමය නිකුත් කර ඇති අතර, එය අද දින (27) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවා ඇත.

මෙම නියමයට අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර සහ කෑගල්ල යන පරිපාලන දිස්ත්‍රික්ක ඇතුළත් වේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා එම දිස්ත්‍රික්කවලට යාබද දේශීය ජල තීරයද නියමයට ඇතුළත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම නියමය 2026 අගෝස්තු 25 වැනිදා නිකුත් කර ඇති අතර, 2026 අගෝස්තු 27 වැනිදා සිට එය බලාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com