සත්ත්ව සහ ජාතික ජල සම්පාදන පනත් කෙටුම්පත් සම්මත වෙයි
සත්ත්ව සහ ජාතික ජල සම්පාදන පනත් කෙටුම්පත් සම්මත වෙයි
සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත වී තිබේ.
මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය අද (06) පෙරවරු 11.45 සිට පස්වරු 5.40 දක්වා පැවැත්විනි.
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් 2026.07.21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වරකියවීම සඳහා ඉදිරිපත් කලේය.
මෙම පනත් කෙටුම්පත මගින් මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනය සඳහා පමණක් අදාළ වූ නීතිමය විධිවිධාන තවත් සත්ත්ව වර්ග කිහිපයක් සඳහාද පුළුල් කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව, ඉදිරියේදී ඌරන්, බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කිරීමේදී අදාළ නිල බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වන අතර, සතුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි රෝග ව්‍යාප්තිය පාලනය කිරීම එහි ප්‍රධාන අරමුණයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් 2026.07.21 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කළා.
මෙම පනත් කෙටුම්පත මගින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ජල සම්පාදන සේවා කළමනාකරණය වඩාත් විධිමත් කිරීම සහ මණ්ඩලයේ වගකීම් පුළුල් කිරීම අරමුණු කර තිබේ




