විශාල AI ආකෘතියක් චීනයෙන් නොමිලේ
විශාල AI ආකෘතියක් චීනයෙන් නොමිලේ
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර මහා පරිමාණ ආකෘතියක් (Open-source large model) වන Kimi K3 පසුගිය 27වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා මහජනතාවට විවෘත කිරීමට චීන Moonshot AI සමාගම පියවර ගෙන තිබේ.
ලොව මෙතෙක් නිර්මාණය කළ විශාලතම විවෘත මූලාශ්‍ර AI ආකෘතිය වන එහි සමස්ත පරාමිතීන් ප්‍රමාණය ට්‍රිලියන 2.8ක්.
මෙම Kimi K3 ආකෘතිය, චීන Moonshot AI සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනයයි. මෙම ආකෘතියට සම්පූර්ණ ආකෘති බර, තාක්ෂණික වාර්තා මෙන්ම ආකෘති පුහුණුව සඳහා සහාය වන මූලික තාක්ෂණ පහසුකම් තුනක්ද ඇතුළත්වීම විශේෂත්වයක්.
ලොව පුරාම කෘත්‍රිම බුද්ධි සංවර්ධකයින්ට එය නොමිලේ බාගත කර දේශීයව භාවිත කළ හැකි වේ.
චීන මහා පරිමාණ AI ආකෘතියක් ලොවට විවෘත කළ පළමු අවස්ථාව මෙය නොවුනද, ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල ආකෘතියක් ගෝලීයව පූර්ණ වශයෙන් විවෘත කළ පළමු අවස්ථාව මෙයයි.
මෙම වසර ආරම්භයේ සිට චීනයේ කෘත්‍රිම බුද්ධි මහා පරිමාණ ආකෘති මූලාශ්‍ර විවෘත කිරීම් වේගවත් කර ඇති අතර මේ වනවිට එම කර්මාන්තයේ ප්රමුඛ පෙළේ සමාගම් සිය ආකෘති මූලාශ්‍රද විවෘත කිරීමට කටයුතු කර තිබේ.






