2026 පළමු මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉලක්කය ඉක්මවූ ආදායමක්

0
2026 වර්ෂයේ පළමු අඩවසර තුළ සුරාබදු ආදායමේ සුවිශේෂී වර්ධනයක්

2026 වර්ෂයේ පළමු අඩවසර තුළ සුරාබදු ආදායමේ සුවිශේෂී වර්ධනයක්

රාජ්‍ය ආදායම උපයන ප්‍රමුඛතම ආයතනයක් වන ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සිය දැක්ම හා මෙහෙවර පරිදි සුරා බදු ආදායම සුරක්ෂිත කර රජයට ඉලක්කගත ආදායමක් උපයාදීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකර තිබේ.

පසුගිය වර්ෂ වල උපයාගත් සුරා බදු ආදායම් අනුව 2026 වර්ෂයේදී උපයාගත හැකි සුරා බදු ආදායම පිළිබඳ ඉලක්කය පුරෝකථනය කරමින් මෙම වසරේදී රුපියල් බිලියන 245ක ඉලක්කගත ආදායමක් සුරා බදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.

ඒ අනුව 2026.06.30 වන දිනෙන් අවසන් වූ 2026 පළමු අඩ වසර සඳහා ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවට ලැබී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 119.3ක් වන අතර 2026 වසරේ පළමු අඩවසර තුලදී රුපියල් බිලියන 141.5ක බදු මුදලක් රජය වෙත අයකරදීමට කටයුතු සිදු කර ඇත.

එය සුරා බදු දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබූ ඉලක්කගත ආදායමට සාපේක්ෂව 118.6% කින් ඉහළ අගයක්.

තවද 2025 වර්ෂයේ මෙම කාල සීමාවට අනුරූපව සුරා බදු දෙපාර්තමේන්තුව විසින් උපයාගත් ආදායම වන රුපියල් බිලියන 117.03ට සාපේක්ෂව මේ වසරේදී 120.91%ක ඉහළ ආදායමක් රජයට අයකරදීමට සමත් වී ඇති අතර මේ සඳහා සියලු ශ්‍රේණිවල සුරා බදු නිලධාරීන්ගේ පුර්ණ කැපවීම හා අධීක්ෂණය හේතු වී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී. එන්. ඒ. පේමරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

එමෙන්ම පසුගිය 2025 වසරේ පළමු අඩවසර තුලදී මත්පැන් නිෂ්පාදනය සදහා යොදාගන්නා ලද නිරපේක්ෂ මධ්‍යසාර ප්‍රමාණය ලීටර මිලියන 17.25ක් වන අතර මේ වසරේ පළමු අඩවසර තුලදී යොදාගත් නිරපේක්ෂ මධ්‍යසාර ලීටර මිලියන 19.6ක් ලෙස වර්ධනය වී තිබේ.

එය 2025 වර්ෂයට සාපේක්ෂව 113.6% කින් ඉහළ අගයක්.

විශේෂයෙන්ම රජය විසින් මත්පැන් පරිභෝජනය අවම කිරීමේ පරමාර්ථයෙන් වරින්වර මත්පැන් මිල වැඩි කලද, මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තරව දැඩිව අධීක්ෂණය කිරීම, නව ආරක්ෂිත සලකුණු (ස්ටිකරය ) හඳුන්වා දීම, නීති විරෝධී ලෙස නිපදවන ස්ප්‍රීතු සම්බන්ධ විමර්ශන තීව්‍ර කිරීම, මත්පැන් නිෂ්පාදනාගාර සහ බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවන්ට ලක්කිරීම වැනි ක්‍රියාමාර්ග මෙසේ සුරා බදු ආදායම වැඩි කිරීමට මෙන්ම සුරක්ෂිත කිරීමට ද බෙහෙවින් ඉවහල් වී ඇති බව සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වැඩදුරටත් ප්‍රකාශ කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com