පාකිස්ථාන කාන්තා කණ්ඩායම පරදා එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ශ්‍රී ලංකාවට

0
පාකිස්ථාන කාන්තා කණ්ඩායම පරදා එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ශ්‍රී ලංකාවට

පාකිස්ථාන කාන්තා කණ්ඩායම පරදා එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ශ්‍රී ලංකාවට

තරග 3කින් සමන්විත සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වි තිබේ.

හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වි තිබෙන්නේ.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 187ක් පමණයි.

ලකුණු 188ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 37.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 71ක් සහ හසිනි පෙරේරා නොදැවී ලකුණු 50ක් රැස් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com