ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියමින් චීන රොබෝවරුන්ට ට්‍රම්ප්ගෙන් තහංචි
අමෙරිකාව චීන රොබෝවරු තහනම් කරයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය නිෂ්පාදනය කරන ලද නව මානවහිතවාදී රොබෝවරුන් ආනයනය කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට පිළිගත නොහැකි අවදානම් ඇති කරන බවට හේතු දක්වමිනි.
චීන තාක්ෂණ සමාගම් විසින් කර්මාන්තශාලා සහ නිවාස වැනි පරිසරයන් තුළ භාවිත කිරීම සඳහා මානවහිතවාදි රොබෝවරුන් වේගයෙන් සංවර්ධනය කරමින් ඇති පසුබිමකයි ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ.






