රු. ලක්ෂ 20ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්න උත්සාහ කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට
රු. 2,000,000ක (ලක්ෂ 20ක) මුදලක් ඉල්ලා, ලබාගැනීම සහ ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත, ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා මුළුතැන්ගේ ආහාර පිසීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
එහිදී පැමිණිලිකරුගේ පියාගේ හා මාමාගේ නමින් මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මෙලෙස මුලින් ලක්ෂ 30ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.
එකී මුදල රුපියල් ලක්ෂ 25 දක්වා අඩුකර, නැවත එම මුදල රුපියල් ලක්ෂ 20 දක්වා අඩුකර තිබෙනවා.
එම රුපියල් ලක්ෂ 20ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීම හා ඊට ආධාර අනුබල ලබාදීම යන අල්ලස් චෝදනා මත ගම්පොල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු ඊයේ(27) ගම්පොල තැපැල් කාර්යාලය අසල රථගාලේදීයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
