නීති විරෝධී වාහන පැවරීමක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

0
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීත්‍යානුකූල නොවන වාහන පැවරීමේ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාලව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.

ශ්‍රී ලංකා රේගු නිෂ්කාශනයකින් තොරව, රේගු බදු නොගෙවා අනීතික ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පළමු පැවරුම සිදු කිරීම සඳහා කවුළු අංක ලබා දෙමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීම සඳහා කටයුතු කිරීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *