රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටු­නා­ය­කදී අත්අ­ඩං­ගු­වට

0
රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටු­නා­ය­කදී අත්අ­ඩං­ගු­වට

රු.මිලියන 200ක හෂීෂ් තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටු­නා­ය­කදී අත්අ­ඩං­ගු­වට

රුපි­යල් මිලි­යන 201.89ක් වටිනා හෂීස් මත්ද්‍රව්‍ය තොග­යක් කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළෙන් මෙර­ටට රැගෙන ඒමට උත්සාහ කළ කැනේ­ඩි­යානු ජාති­ක­යකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒක­කයේ (NCU) නිල­ධා­රීන් විසින් ඊයේ (26) අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු 27 හැවි­රිදි තරු­ණ­යකු වන අතර ඔහු වෘත්ති­යෙන් චිත්‍ර ශිල්පි­යකු ලෙස කට­යුතු කර­න්නෙකි. සැක­කරු කැන­ඩාවේ ටොරොන්ටෝ නග­රයේ සිට කටාර්හි දෝහා හරහා කටාර් ගුවන් සේව­යට අයත් QR662 දරන ගුවන් යාන­යෙන් 26 වැනි දින අලු­යම 2.30ට පමණ දිව­යි­නට පැමිණ තිබේ.

ගුවන්තොටු­පොළ රේගු නිල­ධා­රීන් විසින් සැක­ක­රුගේ ලියා­ප­දිංචි ගමන් මලු දෙක පරීක්ෂා කිරී­මේදී, ඒවා තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ දුඹුරු පැහැති හෂීස් තහඩු 80ක් සොයා ගැනී­මට හැකි වී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර ග්‍රෑම් 20,117ක් (කිලෝ­ග්‍රෑම් 20.117ක්) බව රේගු නිල­ධා­රීහු සඳ­හන් කළහ. අත්අ­ඩං­ගු­වට ගත් මත්ද්‍රව්‍ය තොගයේ ඇස්ත­මේ­න්තු­ගත වීථි වටි­නා­කම රුපි­යල් මිලි­යන 201.89ක් පමණ වන බවට ගණන් බලා ඇත. සිද්ධිය සම්බ­න්ධ­යෙන් මූලික විම­ර්ශන ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒක­කයේ නිල­ධා­රීන් විසින් ආරම්භ කර ඇති අතර, ඉදිරි විම­ර්ශන සහ නීති­මය කට­යුතු සඳහා සැක­කරු සහ අත්අ­ඩං­ගු­වට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය (PNB) වෙත භාර දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com