තවත් බදු අනවශ්‍යයි…දේපළ බද්ද හඳුන්වා දීමට IMF කළ ඉල්ලීමට රජයෙන් අකමැත්ත

0
2027 අයවැයට දේපළ බද්දක් ?

2027 අයවැයට දේපළ බද්දක් ?

2027 වසර සදහා ඉදිරිපත් කරන අයවැයට දේපළ බද්දක් හදුන්වා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට බලකරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, රජය ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් තවත් අලුත් බද්දක් අවශ්‍ය නොවන බව රජයේ අදහස වී තිබේ.

එසේම, දේපළ හිමිකාරීත්වය පිළිබද නිසි දත්ත පද්ධතයක් රජය සත-ු නොවන බැවින්, එවැන්නක් සකස් කිරීමට කල් ගත වනු ඇතැයි රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

ඒ අනුව, ඒ බව, රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ වසර තුළ දේපල බද්දක් හදුන්වා දීම සිද්ධ නොකලද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ සදහා අඛණ්ඩව රජයට බල කළ හැකි බව පුවත්පත වාර්තා කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com