​දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවාඩි නර්තන තාවකාලිකව අත්හිටුවයි: බුද්ධි තොරතුරු මත පොලිස්පතිගෙන් තීරණයක්

0

​දෙවිනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ඉදිරියට නියමිත කාවාඩි නර්තන අංග තාවකාලිකව අවලංගු කිරීමට පොලිස්පතිවරයා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
​ලැබී ඇති බුද්ධි තක්සේරු වාර්තා සලකා බලමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
​පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ පෙරහැර සංවිධායකයින් සහ නර්තන ශිල්පීන් අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් යම් ගැටුම්කාරී වාතාවරණයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.
​එවැනි තත්ත්වයක් තුළ මහජනතාව අතර අනවශ්‍ය බියක් හා නොසන්සුන්තාවයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින්, පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com