​වාහන ආනයන රේගු ආදායම සීඝ්‍රයෙන් පහළට: රේගු දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

0
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින් – රේගු දෙපාර්තුමේන්තුව

වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින් – රේගු දෙපාර්තුමේන්තුව

මෙම මාසයේ මුල සිට වාහන ආනයනය මගින් ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුන්චිහේවා මහතා මෙම ආදායම් පහළ බැසීම සම්බන්ධව තොරතුරු අනාවරණය කලේය.

රජය මගින් වාහන ආනයනය සඳහා පැනවූ අධිභාරය තවත් මාස තුනක් සඳහා දීර්ඝ කිරීම හේතුවෙන් වාහන ආනයනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද ඔහු එහිදී පෙන්වා දෙන් ලදි.

එසේම මෙම වසරේ මුල තිබූ ආනයන මට්ටමට යලිත් වාහන ආනයන‍ය පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළා.

ඒ අනුව වාහන ආනයනය මගින් ලැබෙන රේගු ආදායම යම් පහළ යෑමක් ඉදිරියේදී අපේක්ෂා කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com