සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක පත් කෙරේ

0
සීමා නිර්‌ණය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයින් පත් කෙරේ

සීමා නිර්‌ණය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයින් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සීමා නිර්‌ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එම්. කේ. සමන් ශ්‍රී රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙසයි එම්. බී. රෝහණ පුෂ්පකුමාර සහ කේ. තවලිංගම් යන මහත්වරු පත් කර ඇත්තේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්‌ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඔවුන් වෙත ජනාධිපති ලේකම් කාර්‌යාලයේදී අද (24) පස්වරුවේ භාර දී තිබේ.

සීමා නිර්‌ණය කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩු වී පැවති ධුර සඳහා අදාළ පත්වීම් සිදු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com