පසුගිය මැයි මාසයෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි

0
මැයි මාසයෙන් පසු පළමු වරට බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි

මැයි මාසයෙන් පසු පළමු වරට බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි

පසුගිය මැයි මාසයෙන් පසු පළමු වරට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමෙරිකා ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.

යේමනයේ හුති කැරළිකරුවන් රතු මුහුදේ ගමන් කරමින් තිබු ඉන්ධන රැගත් නෞකාවකට ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙලෙස ලෝක වෙළදපොලේ බොරතෙල් මිල ඉහළ ගියේය.

බ්‍රිතාන්‍යයේ බ්‍රෙනට් බොරතෙල් බැරලයක මිල 6%කින් පමණ ඉහළ යාමත් සමගයි ඩොලර් 100 සීමාව පසු කළේ.

කෙසේ වුවද අද (24) බ්‍රෙනට් බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 98යි ශත 81ක් ලෙසයි.

එමෙන්ම ඇමෙරිකාවේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 90යි ශත 75ක් ලෙසද එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා ඩොලර් 105යි ශත 90ක් ලෙසද සටහන වනවා.

ස්වභාවික ගෑස් ඒකකය මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් 2කයි ශත 89ක් ලෙසයි.

ඇමෙරිකාව හා ඉරානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වූ කාලයේ දී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගිය ආකාරයද දක්නට ලැබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com