මැදපෙරදිග අර්බුදය හමුවේ ලොව පුරා සිටින අමෙරිකානුවන්ට ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක්

0
මැදපෙරදිග අර්බුදය හමුවේ ලොව පුරා සිටින අමෙරිකානුවන්ට ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග අර්බුදය හමුවේ ලොව පුරා සිටින අමෙරිකානුවන්ට ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති ප්‍රබල යුධමය හා දේශපාලනික අර්බුදය හමුවේ, ලොව පුරා විසිරී සිටින සියලුම ඇමෙරිකානු ජාතිකයන් වෙත “දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස” දන්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ගෝලීය ආරක්ෂක නිවේදනයක් (Worldwide Caution Security Alert) නිකුත් කර තිබේ.

මැදපෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක වාතාවරණය හමුවේ බලාපොරොත්තු නොවූ ලෙස ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ දැඩි අවදානමක් පවතින බව විදේශීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරන පරිදි, මැදපෙරදිගින් පරිබාහිරව පිහිටි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන පවා දැනටමත් ඉලක්ක වී ඇති අතර, ඉරානය හෝ ඊට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් ලොව පුරා පිහිටි ඇමෙරිකානු ආයතන, ව්‍යාපාරික ස්ථාන මෙන්ම ඇමෙරිකානුවන් ගැවසෙන පොදු ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ තර්ජනයක් පවතී. මේ හේතුවෙන් මැදපෙරදිග රැඳී සිටින පිරිස් වෙත ගුවන් ගමන් අවලංගු වීම් සහ ගුවන් සීමා වැසීම් පිළිබඳ විමසිලිමත් වන ලෙසත්, එම කලාපයෙන් පිටත සිටින අමෙරිකානුවන්ට මැදපෙරදිග හරහා සංචාරය කිරීමෙන් වළකින ලෙසත් අමෙරිකානු බලධාරීන් උපදෙස් දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com