දින 4කින් වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනී: වැඩිම ප්‍රමාණයක් අම්පාරෙන්!
දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී අරන් - වී අලෙවි මණ්ඩලය
වී මිලදී ගැනීම ආරම්භ කර දින හතරක් තුළ වී මෙට්‍රික් ටොන් 305 ක් මිලදී ගෙන ඇතැයි, වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති මංජුල පින්නලන්ද පැවසුවේ, ඉන් වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවයි.
ඊට අමතරව උතුරු හා දකුණු පළාත්වලින් හා මඩකලපුව, මුලතිව්, කිලිනොච්චි හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් වී අස්වනු මිලදී ගෙන තිබේ.
මේ වන විට ගබඩා 43ක් විවෘත කර ඇති අතර විවෘත කිරීමට සූදානම් කර ඇති ගබඩා ගණන 143ක්.
ඒ අනුව නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 කටත්, සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 130 කටත්, කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 140 කටත් මිලදී ගැනීම සිදුවේ.




