නීති විරෝධීව සැකසූ යතුරුපැදි 16ක් සමග පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට

0
නීති විරෝධීව සැකසූ යතුරුපැදි 16ක් සමග පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව සැකසූ යතුරුපැදි 16ක් සමග පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට

මුල් ආකෘතිය වෙනස් කරමින් නීත්‍යානුකූල නොවන අන්දමට අමතර කොටස් සවි කොට තිබූ යතුරු පැදි දාසයක් සමග පුද්ගලයන් 16 දෙනෙක් ඊයේ (17) දිනයේ දී හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහජනයාට පීඩාවන අන්දමින් අධික ඝෝෂාකාරී ලෙස සහ අධික වේගයෙන් යතුරු පැදි ධාවනය කරන පිරිසක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව හෝමාගම නගරය අවට ස්ථාන කිහිපයක සිදු කරන ලද වැටලීම් මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සයිලන්සර් ශබ්දය වෙනස් කළ, පැති කන්නාඩි නොමැති, මඩ කවර නොමැති, අංක තහඩු නොමැති, යතුරු පැදියේ ආලෝක රටා වෙනස් කර තිබූ සහ අනතුරුදායක කොටස් සවිකර තිබූ යතුරුපැදි දහසයක් පොලිස් ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතරින් පස් දෙනෙක්ට වලංගු රියැදුරු බලපත්‍රද නොමැති බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් පිරිස ලබන 22 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය මගින් පරීක්ෂණ පවත්වයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com