විදේශීය සිසුන්, මාධ්‍යවේදීන් සහ අමුත්තන්ගේ වීසා කාලය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනයෙන් නව නීති
විදේශීය සිසුන්, අමුත්තන් හා මාධ්‍යවේදීන් සඳහා වීසා බලපත්‍ර කාලය සීමා කිරීමට ඇමරිකාව පියවර ගනී
විදේශීය සිසුන්, අමුත්තන් හා මාධ්‍යවේදීන් සඳහා වීසා බලපත්‍රවල කාලය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.
ට්‍රම්ප් පරිපාලනයේ නව නීති හරහා වීසා කාලය අවසන් වන තෙක් රැඳී සිටීමට ලබාදී තිබූ අවසරය අහිමි වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ඒ අනුව අධ්‍යයන ආයතනය හෝ වැඩසටහන සමග සිටින තාක්කල් ඇමෙරිකාව තුළ රැඳී සිටිමට ඉඩසලසන දශක ගණනාවක් පැරණි ක්‍රමය මේ සමග අවසන් වනවා.
ඉකුත් බ්‍රහස්පතින්දා (16) දිනයේ දී නිකුත් කරන ලද නව ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නීති යටතේ ජාත්‍යන්තර සිසුන් හා අමුත්තන් සදහා වීසා කාලය වසර 4කට සීමා වන අතර විදෙස් මාධ්‍යවේදින්ට වරකට දින 240ක් දක්වා හා චීන ජාතිකයින් සඳහා දින 90ක් සදහා පමණක් වීසා හිමිවනු ඇති.
දිගු කාලයක් රැඳී සිටිමට අවශ්‍ය ඕනෑම අයෙකුට දිගුවක් සඳහා අයදුම් කිරීමට හෝ රට හැර ගොස් නැවත පැමිණීමට අයදුම් කිරීමට සිදුවේ.
