මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

0
බන්ධනාගාර සිද්ධියට අදාළව සියලු සැකකරුවන්ට මීනිමැරුම් චෝදනා යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ, සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරනවා – CID

බන්ධනාගාර සිද්ධියට අදාළව සියලු සැකකරුවන්ට මීනිමැරුම් චෝදනා යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ, සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරනවා – CID

මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරීන් ඇතුලු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දි තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හදුනා ගන්නා සියලු සැකකරුවන්ට මීනිමැරුම් චෝදනා යටතේ ගිනි අවි ආඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දි ඇත්තේ.

සිද්ධිය වන විට මීගමුව බන්ධනාගාරයේ රැදි සිටි සියලු රැදවූවන්ගෙන් ප්‍රකාශ ලබා ගත යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කළේය.

මේ වන විට එම රැදවූවන් විවිධ බන්ධනාගාරවලට යොමුකර ඇති බැවින් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු ඉල්ලිමක් කර තිබේ.

ඒ අනුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය බන්ධනාගාර කොමාසරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කල අතර,

ඝාතනවලට යොදා ගත් ආයුධ සොයා ගෙන ඇති බවත් ගිනි අවි 60ක් ජීව උණ්ඩ සහිතව නඩු භාණ්ඩ කාමරය වෙත භාරදුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන්නා. එම අවි ඉදිරියේ දී නඩු විභාග සදහා අවශ්‍ය වන විට අධිකරණයට ඉදිරිපත් කරන බවයි ඔවුන් සදහන් කළේ.

බන්ධනාගාර පරිශ්‍රයේ සවිකර තිබු සී සී ටී වී කැමරාවල යන්ත්‍ර රැදවූවන් විනාශ කර ඇති බවත් ඒවායේ තිබි සොයා ගත් දෘඩ තැටි දෙකක් මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගනක අපරාධ අංශයට යොමුකරන ලෙස කළ ඉල්ලීමටද මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දි තිබේ.

ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය විමර්ෂණ ප්‍රගතිය 16 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

මේ අතර මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේ මිය ගිය එක් අයෙක් 25 හැවිරිදි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙක්. අනෙක් නිලධාරියා 39 හැවිරිදි වියේ පසු වේ.

මියගිය බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරී පී ඩී සන්ධික ලශාන් ගුණවර්ධන මහතාගේ 7 හැවිරිදි පුත්‍රයාද හදවත් රෝගයකින් පීඩා විදින අතර දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා විශාල මුදලක් වැයවන බවයි ඔහුගේ මව සදහන් කළේ.

මේ වන විට මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිද්ධියෙන් රැඳවියන් 21 දෙනෙකුද මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව සිදුවු සමස්ත මරණ ගණන 31ක් දක්වා ඉහළ ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com