පාසල් ලිපිද්‍රව්‍ය දීමනා වැඩසටහන 2026: අවසන් දින ප්‍රකාශයට – නියමිත කාලයෙන් පසු දීර්ඝ කිරීමක් නැහැ

0
පාසල් සිසුන්ට දැනුම්දීමක්

පාසල් සිසුන්ට දැනුම්දීමක්

පාසල් වයසේ පසුවන දරුවන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට දීමනා ලබාදීමේ 2026 වැඩසටහනට අදාළව, ප්‍රතිලාභී තොරතුරු ඇතුළත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු අවසන් වන දින වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

අමාත්‍යාංශය අවධාරණය කර සිටින්නේ නියමිත කාලසීමාවන්ගෙන් පසුව මේ සඳහා නැවත කිසිදු දින දීර්ඝ කිරීමක් සිදු නොකරන බවය.

ඒ අනුව, අදාළ වැඩසටහනේ අවසන් දින වකවානු පහත පරිදි වේ.

ප්‍රතිලාභී තොරතුරු ඇතුළත් කිරීමේ අවසන් දිනය: 2026 ජූලි 25 වනදා.

ප්‍රතිලාභී තොරතුරු තහවුරු කිරීමේ අවසන් දිනය 2026 ජූලි 27 වනදා

වවුචර්පත් පරිලෝකනය කිරීමේ අවසන් දිනය – 2026 අගෝස්තු 30 වනදා

නියමිත දින වකවානුවලින් පසුව කිසිදු අයුරකින් කාලය දීර්ඝ නොකරන බැවින්, අදාළ සියලුම පාර්ශවයන් නියමිත දිනට පෙර මෙම තොරතුරු යාවත්කාලීන කර අවසන් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com