කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට
කලාපයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට
ලෝක බැංකුවේ (World Bank) නවතම දත්ත අනුව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ (GDP per Capita) වර්ධන වේගය අතින් දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
2024 පැවති ඩොලර් 4,545ක අගය, (+10%)ක වේගවත් වර්ධනයක් සනිටුහන් කරමින් 2025 වන විට ඩොලර් 5,002 දක්වා ඉහළ ගොස් ඇත්තේ සුවිශේෂී වර්ධනයක් අත් කරගෙන බවයි සඳහන්.
මාලදිවයින (+9%)ක්ද, පකිස්ථානය (+8%)ක්ද සහ ඉන්දියාව (+4%)ක්ද වැනි සෙසු සියලුම කලාපීය රටවල් අභිබවා ශ්‍රී ලංකාව කලාපීය මට්ටමින්ද පෙරමුණ ගෙන තිබෙන බවයි සඳහන් කළේ.
මෙයට හේතුව නිවැරදි මූල්‍ය ප්‍රතිපත්තිය සහ ස්ථාවර කළමනාකරණය ඔස්සේ අපේ මාතෘභූමිය ලබාගන්නා සැබෑ ආර්ථික ජයග්‍රහණ බවයි සඳහන් වන්නේ.





