හඳුනාගත් පුරා විද්‍යා ස්ථාන 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක්

0

හඳුනාගත් පුරා විද්‍යා ස්ථාන 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක්

දිවයින පුරා හඳුනාගත් පුරා විද්‍යා ස්ථාන දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබේ.

එසේම පුරා විද්‍යා ස්ථාන 100ක කැනීම් කටයුතු මෙම සති දෙක තුළ ඇරඹීමටද නියමිතයි.

ඒ 136 වෙනි පුරා විද්‍යා දින සැමරුම සහ සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

උරුමයට ජීවයක් මැයෙන් පුරා විද්‍යා දෙසතිය ආරම්භ කිරීමද මෙහිදී සිදු කෙරුණා. එම දෙසතිය තුළ හඳුනාගත් පුරා විද්‍යා ස්ථාන දහසක් ප්‍රජා ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු කෙරේ.

රුපියල් මිලියන 140කට අධික මුදලකින් සමන්විත පුරා විද්‍යා ත්‍යාග අරමුදල සදහා පවතින නීතිමය බාධා ඉවත් කර ජනතාවගේත් නිලධාරීන්ගේත් අභිවෘද්ධිය වෙනුවෙන් භාවිත කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහි ප්‍රදාන දේශනය පැවැත්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com