මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 2කු මරුට; 35ක් රෝහලට
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 2කු මරුට; 35ක් රෝහලට
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් හටගත් ගැටුම හේතුවෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කළ සමස්ත රැඳවියන් සංඛ්‍යාව 35ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට මරණයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලැබූ තවත් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
එමෙන්ම තුවාල ලැබූ රැඳවියන්ගෙන් තවත් 10දෙනෙකු මීගමුව රෝහල තුළදී සැත්කම් සඳහා යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
සෙසු තුවාලකරුවන් එම රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.




