2026 වසරේ මුල් මාස හයේ බදු ආදායම බිලියන 1373ක්

0
2026 වසරේ මුල් මාස හයේ බදු ආදායම බිලියන 1373ක්

2026 වසරේ මුල් මාස හයේ බදු ආදායම බිලියන 1373ක්

2026 වසරේ පළමු මාස හය තුළ බදු ආදායම ලෙස රුපියල් බිලියන 1,373ක් එක්රැස් කරගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේ, එය මුල් මාස හයේ බදු ඉලක්කයට වඩා සියයට 22ක ඉහළ අගයක් බවය.

මේ වසර සඳහා වන බදු ඉලක්කයක රුපියල් බිලියන 2,206.9කි.

ඒ අනුව මුල් මාස හය ඇතුළත බදු ලෙස රුපියල් බිලියන 1,060ක් එක්රැස් කරගත යුතුව තිබූ බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එම කාලයේදී රුපියල් බිලියන 1,373ක් රැස්කරගෙන ඇති බවත් එය අපේක්ෂිත ආදායමට වඩා සියයට 22ක වැඩිවීමක් වේ.

මේ වසරේදී මෝටර් රථ ආනනය අඩුවනු ඇතැයි අපේක්ෂා කළද එය එසේ නොවීම හේතුවෙන් බදු ආදායම ඉහළ ගොස් ඇති බව මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com