භූ ක­ම්ප­න­යෙන් 50,000ක් අතු­රු­දන් – වෙනි­සි­යු­ලාවේ රජය

0
භූ ක­ම්ප­න­යෙන් 50,000ක් අතු­රු­දන් - වෙනි­සි­යු­ලාවේ රජය

භූ ක­ම්ප­න­යෙන් 50,000ක් අතු­රු­දන් - වෙනි­සි­යු­ලාවේ රජය

වෙනි­සි­යු­ලාවේ සිදුවූ ප්‍රබල භූ ක­ම්පන ද්විත්ව­යෙන් පසු පුද්ග­ල­යන් 50,000කට ආසන්න සංඛ්‍යා­වක් පිළි­බඳ මෙතෙක් කිසිදු තොර­තු­රක් වාර්තා වී නැතැයි එරට බල­ධා­රින් මේ වන විට තහ­වුරු කර තිබේ.

පසු­ගිය ජූනි මස 24 වැනිදා පස්ව­රුවේ එරට කර්කාස් අග­නු­වර සහ උතුරු පළාතේ ලා ගුවේ­යිරා වෙර­ළ­බඩ කලා­පයේ කේන්ද්‍ර කර­මින් සිදුවූ රිච්ටර් මාප­කයේ 7.2ක සහ 7.5ක ප්‍රබල භූ ක­ම්පන දෙක­කින් පසු දස­ද­හ­සක සිට ලක්ෂය දක්වා අතර ජීවිත සංඛ්‍යා­වක් මිහි­දන් වනු ඇතැයි

අමෙ­රි­කාවේ භූ විද්‍යා හා ස්වභා­වික ආපදා නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­නය සිදු කළ අන­තුරු ඇඟ­වීම ඒ අනුව තහ­වුරු වී තිබේ.

එම භූ ක­ම්ප­නය වසර 125කට පසු ලතින් අමෙ­රි­කානු කලා­පය කේන්ද්‍ර කර­මින් සිදුවු දරු­ණු­තම දෙවැනි භූ ක­ම්ප­නය ලෙස සැල­කෙන අතර, වෙනි­සි­යු­ලාවේ වැඩ­බ­ලන ජනා­ධී­ප­ති­නිය ඩෙල්සි රොඩ්රි­ගස් ප්‍රකාශ කර ඇත්තේ එය වෙනි­සි­යු­ලාවේ මෙතෙක් වාර්තා වූ දරු­ණු­තම ස්වභා­වික ඛේද­වා­ච­කය ලෙස­ටය.

භූ ක­ම්ප­නය සිදුවී ඊයේ වන­විට දින 8ක් සම්පූර්ණ වී ඇති අතර, මෙතෙක් සොයා­ගෙන ඇති මළ­සි­රුරු සංඛ්‍යාව

2,295 දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාවද 11,267 දක්වා ඉහළ ගිය බව එරට මාධ්‍ය සඳ­හන් කරයි. භූ ක­ම්ප­න­යෙන් විනාශ වූ අති­වි­ශාල ගොඩ­නැ­ඟිලි සුන්බුන් අතර තව­දු­ර­ටත් සෝදිසි මෙහෙ­යුම් සිදු­ක­රන බව එරට රජය නිවේ­ද­නය කර ඇතැයිද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com