වෛරසයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සීල් සතුන් දහස් ගණනක් මියයයි
සූර්යවංශිගෙන් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයක්
ඔස්ට්‍රේලියාවට අයත් ඇන්ටාක්ටික් කලාපයේ පිහිටි හර්ඩ් සහ මැක්ඩොනල්ඩ් දූපත් ආශ්‍රිතව පැතිර යන දරුණු H5N1 කුරුළු උණ වෛරසය හේතුවෙන් දකුණු අලි සීල් (Southern Elephant Seal) පැටවුන් දසදහස් ගණනක් මියගොස් ඇති බව නවතම පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියාවට කිලෝමීටර් 4,000ක් පමණ නිරිත දෙසින් පිහිටි මෙම දූපත්, මුහුදු පක්ෂීන් සහ සීල් සතුන් මිලියනයකට අධික සංඛ්‍යාවක ප්‍රජනන භූමියක් ලෙස සැලකේ.
විද්‍යාඥයන් පසුගිය ඔක්තෝබර් සහ ජනවාරි මාසවලදී රැස් කළ දත්ත විශ්ලේෂණය කිරීමෙන් හෙළිව ඇත්තේ හර්ඩ් දූපතේ සිටි සීල් පැටවුන් 17,000කට ආසන්න සංඛ්‍යාවකින් 13,000කට වැඩි පිරිසක්එ නම් සමස්ත ගහනයෙන් සියයට 75කට වැඩි ප්‍රමාණයක් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා මියගොස් ඇති බවයි.
මෙම විශාල සත්ත්ව මරණ රැල්ලට ප්‍රධාන හේතුව ලෙස H5N1 කුරුළු උණ වෛරසය හඳුනාගෙන ඇති අතර එම දූපත්වල වෙසෙන පෙන්ගුවින් ගහනය අතරද සාමාන්‍ය මට්ටම ඉක්මවා යන මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පර්යේෂකයන් පවසයි.
ලොව පුරා පක්ෂීන් සහ ඇතැම් ක්ෂීරපායී සතුන් අතර H5N1 වෛරසය ව්‍යාප්ත වී තිබුණද, ඔස්ට්‍රේලියානු මහද්වීපයෙන් මීට පෙර එම වෛරසය ආසාදනය වූ සත්ත්වයන් වාර්තා වී නොතිබීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට අයත් මෙම බාහිර දූපත් කලාපයෙන් වෛරසය හමුවීම විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.






