සූර්යවංශිගෙන් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයක්

0
සූර්යවංශිගෙන් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයක්

සූර්යවංශිගෙන් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ‘A’ කණ්ඩායම් අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ අවසන් මහා තරගයේදී ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේය.

එහිදී ශ්‍රී ලංකා ‘A’ පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක නිරත වූ 15 හැවිරිදි සූර්යවංශී, පන්දු 11ක් වැනි කෙටි පන්දු සංඛ්‍යාවකින් සිය අර්ධ ශතකය සපුරා ගැනීමට සමත් විය. ඔහුගේ මෙම සුපිරි ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සහ හතරේ පහරවල් 5ක් ඇතුළත් විය.

​මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2005/06 වසරේදී පන්දු 12කින් අර්ධ ශතකයක් ලබා සිටි ශ්‍රී ලංකාවේ කෞශල්‍ය වීරරත්නයි. සූර්යවංශී අද (21) දිනයේ එම වසර 20ක් පැරණි ලෝක වාර්තාව බිඳ හෙලීමට සමත් වීම කැපී පෙනේ.
​කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට දැඩි තර්ජනයක් වෙමින් පන්දු 29ක් තුළ ලකුණු 94ක් (හයේ පහරවල් 8ක් සහ හතරේ පහරවල් 10ක්) ලබා සිටි සූර්යවංශීව දවාගැනීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ නායක සහන් ආරච්චිගේ සමත් විය. සහන් ආරච්චිගේ යොමුකළ පන්දුවක් හමුවේ විජයකාන්ත් වියස්කාන්ත් අතට උඩපන්දුවක් ලබාදීමෙන් සූර්යවංශී දැවී ගිය අතර, ඒ හේතුවෙන් ඔහුට පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට තිබූ ස්වර්ණමය අවස්ථාව ද අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com