කෝටි 5ක හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
කෝටි 5ක හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 5ක් පමණ වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 215ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සැකකරු ගල්කිස්ස හෝටල් පාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අදාළ මත්ද්‍රව්‍ය තොගය රැගෙන බඩෝවිට ප්‍රදේශයේ සිට පැමිණෙන බවට ගල්කිස්ස මූලස්ථාන පොලිසිය තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව ඔහු රත්මලාන ඉන්ද්‍රජෝති පාරේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
බඩෝවිට ප්‍රදේශයට ගොස් මෙම මත්ද්‍රව්‍ය ලබාගන්නා ලෙසට විදේශගතව සිටින ජාවාරම්කරුවෙකු විසින් වට්සැප් තාක්ෂණය හරහා මෙම සැකකරුට උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව ඔහු නාහඳුනන පුද්ගලයෙකුගෙන් මෙම හෑෂ් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලීසිය කීය.
සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.




