මාස 4කදී අල්ලස් චෝදනා මත රාජ්‍ය නිලධාරීන් 41ක් අත්අඩංගුවට

0
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට

ජනවාරි හා අප්‍රේල් දක්වා ගතවූ මාස හතරක කාලය තුළ අල්ලස් කොමිසම පැවරූ නඩුවලින් පුද්ගලයන් 51 දෙනකු අධිකරණය විසින් චුදිතයන් කර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මෙලෙස චුදිතයන් බවට පත්වූවන් අතරින් 41 දෙනෙකුම රාජ්‍ය නිලධාරීන් වීම විශේෂත්වයක් බවද අල්ලස් කොමිසම පැවැසීය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පුද්ගලයන් 03 දෙනකු හා කොළඹ මහාධිකරණය මඟින් පුද්ගලයන් 48 දෙනකු ඇතුළු පුද්ගලයන් 51 දෙනකු මෙලෙස අධිකරණ හමුවේ චුදිතයන් බවට පත්ව ඇත. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 14ක්, ජාතික රූපවාහිනි සංස්ථාවේ නිලධාරීන් 04ක්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් 02ක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 02ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 02ක්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් 02ක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (අඩවි වන නිලධාරීන්) නිලධාරීන් 02ක් මෙලෙස නඩු පැවරූ රාජ්‍ය නිලධාරීන් වේ.

ගතවූ මාස හතරක කාලය තුළ කොමිසම වෙත පැමිණිලි 2,686ක් ලැබී ඇති අතර එම කාලය තුළ විමර්ශන සඳහා නියෝග ලද පැමිණිලි 501ක් බවද කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ දක්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com