විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් රක්ෂිත බන්ධනාගාරයට
විමල්ගේ හිටපු මාධ්‍ය ලේකම් රක්ෂිත බන්ධනාගාරයට
අත්අඩංගුවට ගත් හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කල මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මහතා ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා (10) නියෝග කළා.
ඒ, නිළ වාහනයක් හෝ ඉන්ධන දීමනාවක් ලබා ගත හැකි වුවද වාහනයක් අවශ්‍ය නොමැති බව පවසමින් ඉන්ධන සහ දීමනාව ලෙස රුපියල් ලක්ෂ 31 අධික මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළවයි.
මීට අමතරව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කටයුතු සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ වාහනද නීතිවිරෝධී ලෙස මාධ්‍ය කටයුතු සඳහා පරිහරණය කරමින් රජයට විශාල වශයෙන් පාඩු සිදු කර ඇති බවටද මූල්‍ය අපරාධ විමර්ශන මගින් අනාවරණය වී තිබුණා.




