ක්‍රීඩා ශක්ති අරමුදල ලබන පාසල් ක්‍රීඩක සංඛ්‍යාව 1500 දක්වා ඉහළට
ක්‍රීඩා ශක්ති අරමුදල ලබන පාසල් ක්‍රීඩක සංඛ්‍යාව 1500 දක්වා ඉහළට
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන ක්‍රීඩා ශක්ති අරමුදල සදහා ඇතුළත් කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 1500 දක්වා වැඩි කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු සඳහා සංකේතාත්මකව ක්‍රීඩා ශක්ති අරමුදල පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
පළාත් මට්ටමේ සංචිතවල සිටින වයස අවුරුදු 18න් පහළ 15න් පහළ ක්‍රීඩකයින් සඳහා මෙම අරමුදල ලබාදීම සිදුකෙරෙනවා.




