මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමට සිව් අවුරුදු විශේෂ වැඩපිළිවෙලක්
මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ සිව් අවුරුදු විශේෂ වැඩපිළිවෙලක්
මෙරට ස්ථාපිත මූලික රෝහල්වල අඩුපාඩු සම්පූර්ණ කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේවන විට ක්‍රියාවට නංවා ඇතිබවත්, එම වැඩපිළිවෙල ඉදිරි වසර හතර තුළදී ක්‍රියාත්මක වන බවත්, එම ව්‍යාපෘතිය සදහා මිලියන 31000ක මුදලක් වෙන්කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.
අමාත්‍යවරයා මෙම කරුණු සදහන් කළේ බ්‍රහස්පතින්දා (04) පස්වරුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට නිරත වෙමින්ය.
මෙරට රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වා ගෙන යාම මුලික අරමුණකර ගනිමින් මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ පාලනයවන රෝහල් පද්ධතියේ අඩුපාඩු සොයා බලා පවතින ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් මේවනවිට ක්‍රියාවට නංවා ඇත. එම වැඩසටහනට අනූව මෙම නිරීක්ෂණ චාරිකාව අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.
මෙහි දී රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, වාට්ටු, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුකරණ ඒ්කකය, රසායනාගාරය, ලේ බැංකුව මෙන්ම දැනට ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘති, ඇතුළු අංශ අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.
රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් පාලන අධිකාරිය, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද කටයුතු කරන ලදී. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම සේවාවන් ඉටු කිරීමේ දී පවතින ගැටළු පිළිබදව දීර්ඝව කරුණු දැක්වීමක් කළ අතර අදාළ අංශ සහ නිලධාරීන් වෙතින් විමසීම් කරමින් එම ගැටළුවලට එම මොහොතේ ලබා දිය හැකි කාලීන විසදුම් ලබා දීමටද අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අඩුපාඩුකම් රාශියක් මධ්‍යයේ වුවද ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව සැපයීම වෙනුවෙන් වැල්ලවාය මූලික රෝහලේ සේවයකරන විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෞඛ්‍ය කාර්ය සහයක දක්වා සිදුකරන්නාවූ කැපවීම පිළිබදව සිය කෘතඥතාවයද මෙහි දී පලකර සිටියේය.
වැල්ලවාය මූලික රෝහල B කාණ්ඩයේ මූලික රෝහලක්වන බවත්, එම කාණ්ඩයට අයත්විය යුතු සියලුම පහසුකම් මෙම රෝහල තුළ නොමැති බව නිරීක්ෂණය වන බවත්, මෙවැනි හේතූන් නිසාම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2020 වර්ෂයේ දී එක් එක් රෝහල් වර්ගීකරණයකර විශේෂඥ වෛද්‍යවරුන්, අයත්විය යුතු අංශ, කාර්ය මණ්ඩලය, අවශ්‍යකරණ උපකරණ ආදිය පිළිබදව ලේඛණගතකර ඇති බවද සිහිපත් කළ අමාත්‍යවරයා පළමුවෙන්ම කළ යුත්තේ B කාණ්ඩයේ මූලික රෝහලක තිබිය යුතු මූලික පහසුකම් ඇතිකර ලීම බවද මෙහි දී පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය බෝනොවන රෝග සම්භන්ධයෙන් කාර්ය සාධන බලකායක් පිහිටුවා ඒ මගින් එම රෝග තත්ත්වය වළක්වාලීමට ක්‍රියාකරමින් සිටින බව මෙහි දී සදහන්කළ අමාත්‍යවරයා මේ සදහා ඇති ඒකක මේ දක්වා වෙන්වෙන් වශයෙන් කටයුතු කිරීම නිසා ලැබිය යුතු ප්‍රථිපල නොලැබෙන බව නිරීක්ෂණය වී ඇති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානය යොමු කර අවශ්‍යය සංශෝධයන් සිදුකර එම කාර්යය වඩා විධිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහි දී පෙන්වා දෙන ලදී.
ඊට අදාළ කතිකාවකදී මෙරට මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරන්,ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් විද්‍යායතනයක් ලෙස ස්වේච්ජාවෙන් වකුගඩු ගල් සැත්කම් ස්ථාන කිහිපයක මාස කිහියපක් තුළදී සිදුකිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත්කළ බවත්, මේ සදහා 2000ක පොරෝත්තු ලේඛණයක් තිබෙන බවට අනාවරණය වූ බවත් සදහන් කලේය.
මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස විශේෂ මැදිහත්වීමක් සිදුකර මීරිගම මූලික රෝහලේ නව ශල්‍යාගාර පහසුකම් සහිත ගොඩනැගිල්ලක මේසදහා අවශ්‍යවන කාර්ය මණ්ඩල අනුමතකරවාගෙන මෙම මස 12වනදා එම ශල්‍යකර්ම සිදුකිරීමේ කාර්ය ආරම්භකරන බව පැවසීය. එය සෞඛ්‍ය සේවාවේ සාමාන්‍ය ක්‍රමවේදයට ලැබෙන විශේෂ අවස්ථාවක් බවත්, මේ සදහා වැල්ලවාය රෝහල ද භාවිතා කර ගැනීමේ ඇති හැකියාව පිළිබදව සොයාබලන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය.
ප්‍රතිකාර සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාම සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවය පිළිබදවද, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ බදවා ගැනීම් පිළිබදවද අමාත්‍යවරයා මෙහි අදහස් දැක්වීය.




