274 දෙනෙකු එකම දිනකදී එවරස්ට් තරණය කරයි; 2019 වාර්තාව බිඳ දමයි

0
274 දෙනෙකු එකම දිනකදී එවරස්ට් තරණය කරයි; 2019 වාර්තාව බිඳ දමයි

274 දෙනෙකු එකම දිනකදී එවරස්ට් තරණය කරයි; 2019 වාර්තාව බිඳ දමයි

එක්දිනයක් තුළදී වැඩිම සංඛ්‍යාව එවරස්ට් කන්ද තරණය කළ දිනය බවට පසුගිය බදාදා (20) වාර්තා අතරට එක් විය.

පසුගිය බදාදා (20) දිනයේදී නේපාලය හරහා එවරස්ට් කන්ද තරණය කර ඇති සංඛ්‍යාව 274ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එය නව වාර්තාවක් ලෙස වාර්තා අතරට එක්වනවා.

මෙම වසරේ වසන්ත සෘතුව ආරම්භවීමට පෙර විශාල අයිස් කුට්ටියක් හේතුවෙන් කඳු නැගීමේ මාර්ගය අවහිර වී තිබෙනවා.

අනතුරුව යහපත් කාලගුණික තත්ත්වයක් ඇති වූ වහාම කඳු නගින්නන් තම සංචාරයන් ආරම්භ කළ බවයි නේපාල බලධාරීන් සඳහන් කරන්නේ.

සංචාරකයින් කඳු නැගීම නේපාල වේලාවෙන් අලුයම 3ට ආරම්භ වී පැය 11ක කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

මීට පෙර එක්දිනයකදී වැඩිම සංඛ්‍යාවක් එවරස්ට් කන්ද තරණය කළ දිනය ලෙස 2019 වසරේ මැයි 22 දිනය සටහන් වන ලෙස එදින 223 දෙනෙකු කදු නැගීමට සහභාගී වී තිබෙනවා.

එමෙන්ම මෙම වසරේදී විදේශීය කඳු නගිනන් 500කට ආසන්න පිරිසකට එවරස්ට් කන්ද තරණය කිරීමට අවසර ලබාදී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com