චීනය අමෙ­රි­කා­වෙන් බෝයිං ජෙට් යානා 200ක් මිල දී ගන්නා බව පවසයි.

0
චීනය අමෙ­රි­කා­වෙන් බෝයිං ජෙට් යානා 200ක් මිල දී ගන්නා බව කියයි

චීනය අමෙ­රි­කා­වෙන් බෝයිං ජෙට් යානා 200ක් මිල දී ගන්නා බව කියයි

චීනය අමෙ­රි­කා­වෙන් බෝයිං වර්ගයේ ජෙට් යානා 200ක් මිල දී ගැනී­මට එක­ඟ­තාව පළ කර ඇතැයි වාර්තා වේ. බිබීසී පුවත් සේවය සඳ­හන් කරන්නේ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සංචා­ර­යේදි චීන ජනා­ධි­පති ෂී ජින්පින් සමඟ පැවති ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­වෙන් පසුව චීනය බෝයිං ජෙට් යානා මිලදී ගැනීම තහ­වුරු කර ඇති බවය.

දෙරට අතර ඇති­ක­ර­ගත් එම ගිවි­සු­මට අනුව ගුව­න්යානා එන්ජින් කොටස් සහ සෙසු උප­ක­රණ සැප­යුමේ සහ­ති­කය අමෙ­රි­කාව විසින් ලබා­දෙනු ඇතැයි චීන වාණිජ අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කළ බව බීබිසී පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය ඔක්තෝ­බර් මාස­යේදී අමෙ­රි­කාව සහ චීනය අතර එක­ඟ­තාව පළ වූ තීරු­බදු ගිවි­සුම දීර්ඝ කිරී­මට ද දෙපා­ර්ශ්වය කට­යුතු කරනු ඇතැයි වාර්තා වේ. එම ගිවි­සු­මට අනුව අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 30ක හෝ ඊට වැඩි වටි­නා­ක­ම­කින් යුතු භාණ්ඩ සඳහා තීරු­බදු අඩු කිරී­මක් අපේක්ෂා කරන බව චීන වාණිජ අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කර තිබේ.

බෝයිං ජෙට් යානා 200ක් ඇතු­ළුව ගුව­න්යානා 750ක මිලදී ගැනී­මට දෙරට අතර එක­ඟ­තාව පළ වී ඇති බවත්, අමෙ­රි­කානු කෘෂි කාර්මික ව්‍යාපා­රි­ක­යන්ට චීන වෙළෙ­ඳ­පො­ළට ප්‍රවේශ වීමට වැඩි ඉඩ­ක­ඩක් ලබා දීමට ද එක­ඟ­තාව පළ වී ඇති බවත් බීබිසී පුවත් සේවය සඳ­හන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com