යාපනය කන්කසන්තුරේ “තිස්ස විහාරය” සම්බන්ධයෙන් නැවතත් ගැටුමක්
යාපනය කන්කසන්තුරේ “තිස්ස විහාරය” සම්බන්ධයෙන් නැවතත් ගැටුමක් නිර්මාණය වෙමින් පවති
යාපනය කන්කසන්තුරේ “තිස්ස විහාරය” සම්බන්ධයෙන් නැවතත් ගැටුමක් නිර්මාණය වෙමින් පවතියි.
ඒ ප්‍රාදේශීය සභාවට අයිති මාර්ගයක් සංවර්ධනය කිරීම සහ ඒ තුළින් ‘විහාරස්ථානයේ භූමිය දෙකඩ කිරීමට උත්සාහ කරන බවට’ විවිධ පාර්ශ්ව චෝදනා කිරීම නිසාවෙනි.
මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් අප සිදුකළ ගවේෂණය අවසානයේ සොයාගත් සියලුම තොරතුරු ගොනුකර මෙම ඉඩමේ ඉතිහාසය සහ වර්තමානයේ උද්ගතවී ඇති අර්බුදයට හේතුව ඇතුළු සියලුම කාරණා පැහැදිලිව්ව සාක්ෂි සහිතව හෂා තුනේම ජාතික පුවත්පත් තුනක ඉකුත් 2025 වසරේ පළ කර තිබේ.
එහි සිංහල ලිපිය – https://web.facebook.com/share/p/17PrvMGwiF/
– ගමේ අය කියනවා විහාරයට අයිති ඉඩම – අක්කර 1.25 කියලා
– විහාරස්ථානය නීති විරෝධීව අත්පත් කරගෙන ඉන්න ඉඩම – අක්කර 07
– සිතියමක් පමණක් පාදක කරගෙන ඔවුන්ට අයිති කියලා කියපු සම්පූර්ණ ඉඩම – අක්කර 14
– “සිංහල සංවිධාන එකමුතුව” කියල සංවිධානයක් දැන් කියනවා – අක්කර 21 අයිති කියලා.
(අවසාන ඡායාරූපයේ රතු පාටින් විහාරස්ථානයට අයිති අක්කර 1.25 ඉඩම – දම් පාටින් විහාරස්ථානය අත්පත් කරගෙන ඉන්න ඉඩම සහ – කහ පාටින් ඔවුන්ට අයිති කියන ඉඩම සලකුණු කරලා තියෙනවා. දැන් අලුතින් මේ ‘සිංහල සංවිධාන එකමුතුව’ කියන අක්කර 21ක කොහෙද දන්නෙ නෑ තියෙන්නේ)
පහත ඡායාරූපයේ තියෙන්නේ 1946 පෙබරවාරි 18 නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි ‘ගලගම ආරච්චිගේ ආබ්‍රහම් පෙරේරා’ විසින් යාපනය නාග විහාරයට පරිත්‍යාග කළ ඔහුගේ ඉඩම් ඔප්පුවේ මුල් පිටපත. මේ තමයි තිස්ස විහාරයට අයිති අක්කර 1.25ක ඉඩම.
මේක තිබුණේ, නාගදීප පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේ සතුවයි.
මේක පැහැදිලිව කියල තියෙනවා – Uluthankaladdy and commonly known as Sinhala – keladdy containing in extent 2 (twenty) Lms. V.C. with its appurtenances and situated at Thayiddy in kangesanturai of Jaffna, and more fully described in the schedule hereinafter.
Lms කියන්නේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ ඉඩම් මැනීමේ සඳහා භාවිතා වන සාම්ප්‍රදායික ඒකකයක් වන “ලැචම්” (Latcham) කියන එකයි.
– ලැචම් 1ක් (1 Latcham) = පර්චස් 10කි.
– ලැචම් 20ක් (20 Lms/Latchams) = පර්චස් 200කි.
– පර්චස් 160ක් අක්කර 1ක් වන බැවින්, ලැචම් 20ක් යනු අක්කර 1.25කි






– Shabeer Mohamed




