මේ වසරේදී පළාත් සභා ඡන්දය පවත්වනවා – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
මේ වසරේදී පළාත් සභා ඡන්දය පවත්වනවා - විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන
මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහනුවර ප්‍රදේශයේදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන්නේ මෙම වසරේ කුමන කාලසීමාවකද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ නොහැකි බව අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබ්බා. මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියෙනවා. බය වෙන්න එපා. කොයි කාලයේද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයනේ කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි ඉන්නේ.”




