ශ්‍රී ලංකා රේගුවේ 2026 ආදායම මැයි 12 වනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

0
ශ්‍රී ලංකා රේගුවේ 2026 ආදායම මැයි 12 වනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

ශ්‍රී ලංකා රේගුවේ 2026 ආදායම මැයි 12 වනවිට රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

2026 වර්ෂය සඳහා වන සිය ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය තුළ රුපියල් ට්‍රිලියනයක (රුපියල් කෝටි ලක්ෂයක) සුවිශේෂී සන්ධිස්ථානයක් මැයි 12වැනිදා පසු කළ බව ශ්‍රී ලංකා රේගුව සදහන් කරයි.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ වසරේ මැද භාගයටත් පෙර මෙවැනි දැවැන්ත ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වීම රේගු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසය.

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය 12වැනිදා මෙම ඓතිහාසික ආදායම් සීමාව සපුරා ගනු ලැබූ බවත්, රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව දක්වන දායකත්වය මෙම ජයග්‍රහණය හරහා තවදුරටත් තහවුරු වන බවත් ශ්‍රී ලංකා රේගුව පවසයි.

2026 වසරේ ඉතිරි කාලසීමාව තුළ මෙරට ආර්ථිකයට තවදුරටත් ශක්තියක් වෙමින් මෙම ආදායම් වර්ධනය ඉදිරියට ගෙන යාම රේගුවේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සදහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com