හෝමූස් නැවත විවෘත කිරීම සඳහා ඉරානයෙන් නව කොන්දේසි
හෝමූස් නැවත විවෘත කිරීම සඳහා ඉරානයෙන් නව කොන්දේසි
පාකිස්ථාන මැදිහත්කරුවන් හරහා ඉරානය ඇමරිකා එක්සත් ජනපදයට යෝජනා කර ඇති නව ගිවිසුමකට අනුව, න්‍යෂ්ටික සාකච්ඡා කල් දමමින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟතාව පළ කර තිබේ.
ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතා ඉවත් කිරීමද මෙම යෝජනාවලට ඇතුළත් වන අතර, ඇමරිකාව මෙතෙක් ඊට අවසන් එකඟතාව පළ කර නොමැති බව සදහන් වේ.
එක්සත් ජනපද ප්‍රවෘත්ති ආයතනය පවසන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම සඳහා ඉරානය වොෂින්ටනයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි, “න්‍යෂ්ටික සාකච්ඡා පසුවට කල් දමා තිබෙන බවටද වාර්තා වේ.
ඉරානය පකිස්ථාන මැදිහත්කරුවන් හරහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ඇක්සියෝස් වාර්තා කළේය.
නමුත් හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ගිවිසුමකට එළඹීම සහ ඉරාන වරායන් සඳහා එක්සත් ජනපද අවහිරය ඉවත් කිරීම ට්‍රම්ප්ට “ටෙහෙරානයට එහි පොහොසත් යුරේනියම් තොගය අත්හැරීමට සහ අවම වශයෙන් දශකයක්වත් යුරේනියම් පොහොසත් කිරීම අත්හිටුවීමට කැපවීමට සැබෑ ලීවරයක් නොමැති” බව එම ආයතනය සදහන් කළහ.




