හෝමූස් වල ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් – පෙන්ටගනය

0
හෝමූස් වල ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගතවෙයි – පෙන්ටගනය

හෝමූස් වල ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගතවෙයි – පෙන්ටගනය

හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති මුහුදු බෝම්බ ඉවත් කර මුහුදු මාර්ගය ආරක්ෂිත කිරීමට අවම වශයෙන් මාස හයක කාලයක් ගතවනු ඇති බව පෙන්ටගනය ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා පැවැති නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටු රැස්වීමකදී පෙන්ටගන නිලධාරීන් මේ බව අනාවරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම රහසිගත කරුණු පැහැදිලි කිරීමේ සැසිය මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉතා තීරණාත්මක එකක් වූ අතර සැසියෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට පිළිතුරුවලට වඩා ගැටලු ඉතිරි වූ බවයි.

මෙහිදී යුද්ධය ආරම්භයේදීම ඉරානයේ පාසලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද දැඩි ලෙස ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම සිදුවීම සහ යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්ටගනය නිසි පැහැදිලි කිරීමක් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com