සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවත QR ක්‍රමය

0
(18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවත QR ක්‍රමය

(18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවත QR ක්‍රමය

අද සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේ ඒ අනුව පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය වන බවය.

උත්සව සමය හේතුවෙන් පසුගිය 11වැනි දින මධ්‍යම රාත්‍රියෙට් සිට හෙට දිනය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමය සැලකිල්ලට නොගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබීය.

කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ ක්‍රමය සැලකිල්ලට ගැනීමට එහිදී තීරණය වූ අතර ඩීසල් වාහන සඳහා QR ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මක කිරීමටද එහිදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේය.

ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය සක්‍රීය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com