කියුබානු ජනපති අමෙරිකාවට අභියෝග කරයි

0
කියුබානු ජනපති අමෙරිකාවට අභියෝග කරයි

කියුබානු ජනපති අමෙරිකාවට අභියෝග කරයි

ඕනෑම අමෙරිකානු මිලිටරි මැදිහත්වීමකට ප්‍රතිචාර දැක්වීමට සිය රජය සූදානම් බව කියුබානු ජනාධිපති මිගෙල් ඩියස්-කැනෙල් අවධාරණය කරයි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රය විසින් ‌ලෝක බලශක්ති අර්බුදයක් අවුළුවාලන ආතතීන් මධ්‍යයේ, කියුබානු ජනාධිපති මිගෙල් ඩියස්-කැනෙල් තම රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි ලෙස දෝශාරෝපණය‌ට ලක් කර ඇත.

කියුබානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ අමෙරිකානු NBC රූපවාහිනි නාලිකාවේ පැවැත් වූ Meet the Press වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඔහු එහි දී පවසා ඇත්තේ කොන්දේසි නොමැතිව අමෙරිකාව සමඟ සංවාදයට විවෘත බවත්, නමුත් වොෂින්ටනය ඉල්ලා සිටියහොත් ඉල්ලා අස්වන ලෙසට වන කිසිදු යෝජනාවක් ප්‍රතික්ෂේප කරන බවත්ය.

ට්‍රම්ප් පරිපාලනය ඔහුව බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටින බවට වාර්තා ඇතත්, මිගෙල් ඩියස්-කැනෙල් පැවසුවේ ඔහුට ඉල්ලා අස්වන ලෙස ඔවුන් තවමත් බල කර නොමැති බවයි. කෙසේ නමුත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සමඟ තමා පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් මෙතෙක් කතා නොකළ බවද ජනාධිපතිවරයා පැවසීය.

ඕනෑම අමෙරිකානු මිලිටරි මැදිහත්වීමකට ප්‍රතිචාර දැක්වීමට තම රජය සහ එහි ජනතාව සූදානම් බව කියුබානු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත. “අපි අපවම ආරක්ෂා කර ගන්නෙමු, අපට මැරෙන්නට සිදුවුවහොත් අපි මැරෙමු” යැයි කියුබානුවන් “විප්ලවය වෙනුවෙන් තම ජීවිතය දීමට” කැමැත්තෙන් සිටින බවද ඔහු පැවසීය.

කියුබානු ජනපති ඩියස්-කැනෙල්ගේ මෙම ප්‍රකාශයෙන් පිළිබිඹු වන්නේ, අමෙරිකානු බලධාරීන් ඉරානයේ යුද්ධය කෙරෙහි අවධානය යොමු කරද්දී කියුබානු නායකත්වය ශක්තිමත් වන ආකාර බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com