ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක්

0
ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක්

ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන බ්ලෙසිං මුසරබානි හට වසර දෙකක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහුට 2029 වසර දක්වා එම තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව එරට ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයක් උපුටාදක්වමින් ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඔහු මෙවර තරගාවලිය සඳහා ඉස්ලාමාභාද් යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටියා.

ඉන් අනතුරුව බංගලාදේශයේ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රාහුමාන්ගේ ආදේශකයක් ලෙස මුසරබානි, ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ එක් විය.

ඒ අනුව එකඟතාවලට ගරු නොකිරීම සහ ලීගයේ වෘත්තීය රාමුව අඩපණ කිරීම යන චෝදනා මත පාකිස්තාන ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com