රුපියල් කෝටි 3ක දේපොළක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර

0
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය

නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් කෝටි 3ක දේපොළක් තහනම් කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ(05) පියවර ගෙන තිබෙනවා.

එම කොට්ඨාසය සඳහන් කළේ, පසුගියදා විදෙස්ගතව සිටියදී මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම දේපොළ උපයාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි.

පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහිත රුපියල් කෝටි 3ක් පමණ වටිනා ඉඩමක් මෙලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙම දේපොළ අදාළ අපරාධකරුගේ දියණියගේ නමින් මිලදී ගෙන තිබීම විශේෂත්වයක්.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ (05) සිට දින 07ක කාලයක් සඳහා මෙම දේපොළෙහි ගනුදෙනු අත්හිටුවීමට නියෝග කර තිබේ.

ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com