ලොවම මවිත කරමින් සුවිශේෂී දරු උපතක්
ලොවම මවිත කරමින් සුවිශේෂී දරු උපතක්
මියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හියුගෝ පවෙල් නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී ලන්ඩනයේ ‘ක්වීන් චාලට් සහ චෙල්සි’ රෝහලේදී සිසේරියන් සැත්කමක් මගින් මෙලස උපත ලබා ඇත.
උපතේ දී දරුවාගේ බර කිලෝග්‍රෑම් 3.1ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය විසින් සදහන් කර තිබේ.
මෙම දරුවාගේ මව වන 30 හැවිරිදි ග්‍රේස් බෙල්, උපතින්ම ගර්භාෂය පිහිටා නොතිබෙන දුර්ලභ රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙක් බව වාර්තා වේ.
යොවුන් වියේදීම තමන්ට කිසිදා මවක් විය නොහැකි බව ඇය දැනගත් බවත් එදින රෝහලේදී හඬා වැටුණු බවත් ඇය ඉතා සංවේදී ලෙස පවසා තිබේ.
මෙම දරු උපත සඳහා ගර්භාෂය ලබා දී ඇත්තේ මියගිය තරුණියක විසිනි.
ඇයගේ ගර්භාෂයට අමතරව තවත් අවයව 5ක් පුද්ගලයන් සිව්දෙනෙකුට බද්ධ කර ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දායක වී ඇති බවද සඳහන් වේ.





