ට්‍රම්ප්ට “චිකිත්සාව අවශ්‍යයි” – වෝල් ස්ට්‍රීට් ජර්නලය(WSJ)

0
ට්‍රම්ප්ට “චිකිත්සාව අවශ්‍යයි” – වෝල් ස්ට්‍රීට් ජර්නලය(WSJ)

ට්‍රම්ප්ට “චිකිත්සාව අවශ්‍යයි” – වෝල් ස්ට්‍රීට් ජර්නලය(WSJ)

රූපට් මර්ඩොක්ට අයත් ප්‍රසිද්ධ දක්ෂිණාංශික පුවත්පතක් වන වෝල් ස්ට්‍රීට් ජර්නලය (WSJ), ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම පිළිබඳ ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර ඇත.

වෝල් ස්ට්‍රීට් ජර්නලය කතුවැකි මණ්ඩල සාමාජික හොල්මන් ඩබ්ලිව්. ජෙන්කින්ස් ජූනියර් සඳහන් කර ඇත්තේ, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ට්‍රම්ප් දැක්වූ හැසිරීම රාජ්‍ය නායකයෙකුට නොගැලපෙන මට්ටමකට පත්ව ඇති බවත්, එය ඔහුගේ ජනාධිපති ධුරයද අවදානමට ලක් කළ හැකි බවයි.

ඔහු සිය කතුවැකියේ සඳහන් කර ඇත්තේ, “එක්සත් ජනපදයට ග්‍රීන්ලන්තය අයිති කර ගැනීමට වඩා, ට්‍රම්ප්ට චිකිත්සාවක් අවශ්‍ය විය හැකි බව” යන අදහසයි.
ජෙන්කින්ස් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, නේටෝ සන්ධානයට අයත් රටක් සම්බන්ධයෙන් බලහත්කාරී ක්‍රියාමාර්ග ගැනීම එක්සත් ජනපද නීතියට පටහැනි බවත්, එවැනි උත්සාහයක් සිදුවුවහොත් තුන්වන දෝෂාභියෝගයකටද මඟ පෑදිය හැකි බවයි.

මේ අතර, ඩාවෝස් හි පැවති ජාත්‍යන්තර සමුළුවකදී ට්‍රම්ප් ග්‍රීන්ලන්තය නැවත නැවතත් “අයිස්ලන්තය” ලෙස හඳුන්වා දීම සහ ඔහුගේ අනෙකුත් ප්‍රකාශ ජාත්‍යන්තර මට්ටමින් අපහසුතාවයට පත් වූ අවස්ථා ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම, මත විමසුම් අනුව ග්‍රීන්ලන්ත ජනතාවගෙන් 85%කට වැඩි පිරිසක් එක්සත් ජනපදයට එක්වීමට විරුද්ධ බව ද පෙන්වා දෙයි.

දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන්නේ, ට්‍රම්ප්ගේ හැසිරීම පිළිබඳ දක්ෂිණාංශික මාධ්‍ය පවා සැක පළ කිරීම, රිපබ්ලිකන් පක්ෂය තුළ ඇති අභ්‍යන්තර අර්බුදය සහ අනාගත දේශපාලන අභියෝග පැහැදිලිව පෙන්වන සංකේතයක් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com