මන්නාරමේ මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි
මන්නාරමේ මෙගාවොට් 50 සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි
වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, පෞද්ගලික සමාගමක් විසින් මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15) පෙරවරුවේ සිදු විය.
මන්නාරම ස්වභාවික සුළං බලය උපයෝගී කරගත් අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම සුළං බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වන අතර වාර්ෂිකව බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000කි. විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 0.0465කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයක් වන අතර ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතය.
එමෙන්ම, ඔලෙයිතුඩාවායි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල සඳහා නවීන අධ්‍යාපන පහසුකම් සහිත අංග සම්පූර්ණ සුහුරු පංති කාමරයක් ලබා දීමට අදාළ ලිපි ලේඛන පිළිගැන්වීම, ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව නිවාස 200කට පානීය ජල පහහසුකම් ලබා දීම, ලංකා විදුලි බල මණ්ඩලය සමඟ එක්ව මන්නාරම පාලම හරහා තල්ලඩි නගරය තෙක් ඇවිදීමේ මංතීරුවක් සඳහා නව විදුලි පහන් සවි කිරීම, රුපියල් මිලියන 10කට ආසන්න වියදමින් ජලය පහසුවෙන් ගලා යාමට නව ජල මාර්ග නිර්මාණය කර, ගංවතුර වැළැක්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව ඇළ මාර්ග කැණීම් සිදු කිරීම ආදි ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ ලිපි ලේඛන භාර දීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී සිදු විය.





