2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇ.ඩො.බි 15.77ක්
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇ.ඩො.බි 15.77ක්
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 15,776ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි
ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බව එහිදී ඔහු සඳහන් කළේය.
තවද 2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52ක් බවත් එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.
එසේම 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 12417.98ක් වන අතර එය 2024 එම කාලයට සාපේක්ෂව 6.41%ක වැඩිවීමකි
2025 නොවැම්බර් මාසයේදී සේවා අපනයනයෙන් ලැබුණු ආදායම 4.27% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 311.3ක් වී ඇති බව ඇස්තමේන්තු කර ඇති බවත් 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ සේවා අපනයනය 3.63% කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවත් එය ඇමරිකානු ඩොලර් මිලියන 3,358.38ක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




